අද (23) ශ්රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ශක්තිමත් වී ඇති අතර, බොහෝ වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රු. 333 මට්ටමට පහළ බැස තිබෙනවා.
ඒ අනුව, මහජන බැංකුවේ විකුණුම් මිල රු. 332.75ක් ලෙසත්, කොමර්ෂල් බැංකුවේ සහ සම්පත් බැංකුවේ විකුණුම් මිල රු. 333ක් ලෙසත් වාර්තා වනවා. NDB බැංකුවේ විකුණුම් මිල රු. 333.25ක්.
කෙසේ වෙතත්, සෙලාන් බැංකුවේ ඩොලරයේ මිල ගණන් වෙනසක් නොමැතිව පවතින අතර, එහි මිලදී ගැනීමේ මිල රු. 325.25ක් සහ විකුණුම් මිල රු. 334.50ක් ලෙස සඳහන්.














