මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ C කොටසේ නිවෙසක අද (23) පස්වරු 6:40ට පමණ හටගත් හදිසි ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට සැක කරන බව පොලිසිය පවසයි. මෙම අනපේක්ෂිත අනතුර හේතුවෙන් එක් අයෙකු මරණයට පත්ව ඇති අතර, තවත් තිදෙනෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ගින්න හටගත් අවස්ථාවේදී එය තවදුරටත් පැතිර යාමට නොදී මැඬ පැවැත්වීම සඳහා මොරටුව ගිනි නිවන ඒකකය විසින් ගිනි නිවන රථ තුනක් යොදවා කඩිනමින් කටයුතු කර ඇත. මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, ප්රදේශයේ ආරක්ෂාවද තර කර ඇති අතර පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.














