අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නමන්නේ නැති බවත්, එහෙත් ගැටුමට රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට සූදානම් බවත් ඉරාන ජනාධිපති මසුන් පෙසෙෂ්කියන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කර තිබේ. කිසියම් ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත් ඉස්ලාමීය ජනරජය මුලිනුපුටා දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනයට ප්‍රතිචාර දක්වමින් පෙසෙෂ්කියන් සඳහන් කර ඇත්තේ සම්බාධක, පීඩන සහ තර්ජන හමුවේ ඉරාන ජනතාවගේ ප්‍රතිරෝධය තවත් වැඩි වන බව අමෙරිකාව දැනගත යුතු බවයි.
ඕනෑම එකඟතාවකට එළඹීමට නම් ඉරාන නෞකා සහ වරායන් මත පනවා ඇති අමෙරිකානු අවහිරය සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බව ඔහු මෙහිදී දැඩිව අවධාරණය කළේය. ගෝලීය තෙල් හා ගෑස් ප්‍රවාහනයෙන් පහෙන් එකක් පමණ ගමන් ගන්නා හොර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා පසුගිය ජුනි මාසයේදී මූලික එකඟතාවකට පැමිණියද, පසුව එම ගිවිසුම බිඳ වැටුණි. මේ අතර, නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව කටාර් මැදිහත්වීමෙන් අමෙරිකානු සහ ඉරාන දූත පිරිස් අතර වක්‍ර සාකච්ඡා කිහිපයක් ද පවත්වා ඇත.














