ජපාන සහ රුමේනියා රාජ්‍යයන් වෙත ප්‍රථම වරට රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන සියලුම ශ්‍රමිකයන් සඳහා ‘පෙර විගමණික’ පුහුණු පාඨමාලාවක් හැදෑරීම අනිවාර්ය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) නිවේදනය කර තිබේ. ඉකුත් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම නව නීතිය යටතේ, කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පෙර අදාළ රටවල සියලුම රැකියා කාණ්ඩ සඳහා මෙම පුහුණුව සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.
ඒ අනුව ජපන් රැකියා අපේක්ෂිතයන් සඳහා දින 02ක පුහුණු පාඨමාලාවක් සහ රුමේනියා රැකියා අපේක්ෂිතයන් සඳහා දින 03ක පුහුණු පාඨමාලාවක් පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ සහ සබරගමුව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේදී පවත්වනු ලබයි. අදාළ රටවල සංස්කෘතිය, නීතිරීති, මුදල් පරිහරණය සහ රැකියා ස්ථානයේ හැසිරීම් රටාවන් පිළිබඳව මෙම පාඨමාලාව මඟින් දැනුවත් කෙරෙන අතර, වැඩි විස්තර සඳහා 1989 හෝ 0112366457 යන දුරකථන අංක ඇමතීමට හැකියාව ඇත.
















