යාපනය ගුරුනගර් කලපු ප්රදේශයේදී ශ්රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 38කට අධික වටිනාකමකින් යුත් විදේශීය කංසා කිලෝ ග්රෑම් 192කට අධික තොගයක්, ඩිංගි යාත්රාවක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී උර හතක සහ පාර්සල් 88ක අසුරා තිබූ මෙම කංසා තොගය සමඟ සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය කොට්ඨාෂ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී ඇත.
















