මාලදිවයින සඳහා ඉන්දීය රජයේ සහාය ඇතිව ඉන්දීය රුපියල් බිලියන 48.50ක එනම් ඇමරිකානු ඩොලර් මිලියන 506.58ක ණය පහසුකමක් අගෝස්තු 27 වැනි දින සිට ක්‍රියාත්මක කර ඇති බව ඉන්දීය මහා බැංකුව පවසයි. මෙම ණය යටතේ එක් එක් ව්‍යාපෘතිය සඳහා වෙනම ණය ගිවිසුම් ඇති කර ගැනීමට හැකි වන අතර, එක් ගිවිසුමක අවම වටිනාකම ඉන්දීය රුපියල් බිලියන 5ක් විය යුතුය.
මීට අමතරව, මෙම ණය පහසුකම මඟින් මූල්‍යනය කෙරෙන ව්‍යාපෘතිවල භාණ්ඩ, වැඩ සහ සේවා වටිනාකමින් අවම වශයෙන් 75%ක් ඉන්දීය සැපයුම්කරුවන්ගෙන් ලබාගත යුතු අතර, ඉතිරි 25%ක ප්‍රමාණය වෙනත් රටවලින් ලබා ගැනීමට අවසර හිමි වේ. අපනයන සම්බන්ධ නියෝජිත කොමිස් ගෙවීම සඳහා මෙම ණය පහසුකම භාවිත කළ නොහැකි බවද ඉන්දීය මහා බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
















