නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක් හෙට (25) දිනයේ වසා තැබීමට පියවර ගෙන තිබේ.
නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහතා සඳහන් කර ඇත්තේ, ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙසු පාසල් හෙට පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය අදාළ විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බවයි.
ඒ අනුව තම පාසල පිහිටි ප්‍රදේශයේ පවතින වර්ෂාව, මාර්ග තත්ත්වය සහ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ආරක්ෂාව ඇතුළු කරුණු සලකා බලා පාසල පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ. එම තීරණය අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම් දෙන ලෙසද උපදෙස් ලබාදී ඇත.
මේ අතර, හැටන් කලාප අධ්‍යාපන බලප්‍රදේශයේද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් නියමිත වේලාවට පෙර වසා දැමීමට පියවර ගෙන ඇති අතර, පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය තත්ත්වය අනුව තීරණ ගැනීමට බලධාරීන් කටයුතු කර තිබේ.
















