පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (25) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර, නුවරඑළිය ඇතුළු මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණ තත්ත්වයන් බලපා ඇති අතර, ඉදිරියේදීත් වැසි සහිත කාලගුණ තත්ත්වයන් ඇතිවිය හැකි බවට කාලගුණ අනාවැකි පෙන්වා දෙයි.
පාසල් යළි පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දැනුම්දීම් අධ්‍යාපන බලධාරීන් විසින් නිකුත් කිරීමට නියමිතය.
















