22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ක්‍රියාත්මක කරන විරෝධතා සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතා පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කරුණු විමසමින් “ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය” ලිපියක් යොමු කර තිබේ.
එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, පොදු අරමුණක් වෙනුවෙන් විවිධ පාර්ශ්වයන් එක්වන අවස්ථාවක එක් පාර්ශ්වයක වැදගත්කම තහවුරු කිරීම අනෙක් පාර්ශ්වයන්ගේ වැදගත්කම අඩු කිරීම හරහා සිදු නොවිය යුතු බවයි.
සැප්තැම්බර් 17 වැනිදා ඇතිකරගත් එකඟතාවලට පරිබාහිරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු සහ සංවිධායකවරයෙකු විසින් මෑතකදී මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද එම මධ්‍යස්ථානය සිය අවධානය යොමු කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න 5ක් ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා වෙත අදාළ ලිපිය යොමු කර ඇති බව වාර්තා වේ. මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ විපක්ෂ කණ්ඩායම් සහ සිවිල් ක්‍රියාකාරීන් වෙන වෙනම විරෝධතා සංවිධානය කර ඇති අතර, පසුගිය 22 වැනිදා ලිප්ටන් වටරවුමේදීද මෙම මධ්‍යස්ථානයේ සංවිධානයෙන් විරෝධතාවක් පැවැත්විණි.
















