CNN, MS NOW සහ Politico යන ඇමෙරිකානු මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට White House වෙත නැවත ප්‍රවේශය ලබාදෙන ලෙස ෆෙඩරල් විනිසුරු Timothy Kelly නියෝග කර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් සැප්තැම්බර් 18 වැනිදා එම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ගේ White House ප්‍රවේශ අවසරපත් අවලංගු කිරීමෙන් පසුව මෙම නඩු කටයුත්ත ආරම්භ විය. අදාළ මාධ්‍ය ආයතන එම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණි.
විනිසුරුවරයා විසින් නිකුත් කළ තාවකාලික නියෝගය දින 14ක් බලපැවැත්වෙන අතර, එම කාලය තුළ CNN, MS NOW සහ Politico මාධ්‍යවේදීන්ගේ White House hard-pass අවසරපත් නැවත ලබාදීමට පරිපාලනයට නියෝග කර තිබේ.
කෙසේ වෙතත්, නියෝගය නිකුත් කිරීමෙන් පසුවත් ඇතැම් මාධ්‍යවේදීන්ට White House වෙත ප්‍රවේශය ලබා නොදුන් බව එම මාධ්‍ය ආයතන අධිකරණයට දැනුම් දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් හදිසි අධිකරණ විභාගයක් ඉල්ලා තිබේ.














