ෆිට්ච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිය ‘B-’ දක්වා ඉහළ නංවා තිබුණද, ප්‍රධාන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන S&P සහ Moody’s තවමත් එම පියවර අනුගමනය කර නොමැති බව Capital Alliance Securities පෙන්වා දෙනවා.
2027 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් වැඩසටහන අවසන් වීමට පෙර S&P සහ Moody’s විසින්ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නොදැමුවහොත්, 2027 වසරේදී අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුතුවේදී රජයට අභියෝගවලට මුහුණ දීමට සිදුවිය හැකි බව විශ්ලේෂකයන් පවසනවා.
2028 වසරේ සිට ආරම්භ වන විශාල විදේශීය ණය සේවාකරණ ගෙවීම් සඳහා අවශ්‍ය වන ඩොලර් බිලියන 11.8ක විදේශ සංචිත ඉලක්කය සපුරා ගැනීම සඳහා එම බැඳුම්කර නිකුතුව සාර්ථක කර ගැනීම වැදගත් බවද සඳහන්.
ආර්ථික වර්ධනය, ප්‍රාථමික අයවැය අතිරික්තය සහ විදේශ සංචිත වැනි සාධක මත පදනම්ව ෆිට්ච් ආයතනය ශ්‍රේණිය ඉහළ නංවා තිබුණද, ආදායමෙන් සැලකිය යුතු කොටසක් පොලී ගෙවීම් සඳහා වැය වීම සහ භාවිත කළ හැකි විදේශ සංචිත පිළිබඳ දැඩි ඇගයීම් හේතුවෙන් S&P සහ Moody’s තවදුරටත් ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමෙන් වැළකී සිටින බව වාර්තා වනවා.
















