පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 11ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.
ඒ අනුව ගාල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා 3 වන මට්ටමේ, එනම් රතු මට්ටමේ ඉවත් වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
පසුගිය පැය 24 තුළ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, තවදුරටත් වැසි අපේක්ෂා කරන බැවින් නායයෑම්, බෑවුම් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු ආපදා ඇතිවීමේ අවදානමක් පවතින බව NBRO දැනුම් දී තිබේ.
ඒ අනුව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත වහාම ඉවත් වන ලෙසත්, නායයෑම් ලක්ෂණ හෝ බෑවුම්වල අස්ථාවර තත්ත්වයන් නිරීක්ෂණය වුවහොත් ඒ පිළිබඳව වහාම අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.














