2025 වසරට අදාළව පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ලබාගත හැකිය.
ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ ‘1911’ ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කර තිබේ. ඊට අමතරව 0112 784208, 0112 784537 සහ 0112 785922 යන දුරකථන අංක ඔස්සේ ද විමසීම් සිදු කළ හැකිය.
2025 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වුණු අතර, එහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කර තිබේ.
















