වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉහළ ගිය ගංගාවල ජල මට්ටම් මේ වනවිට යළි පහළ බසිමින් පවතින බව වාරිමාර්‌ග දෙපාර්‌තමේන්තුව පවසයි. එම දෙපාර්‌තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගංගා කිහිපයක ජල මට්ටම් අඩුවෙමින් පවතින බවයි.
කෙසේ වෙතත් කුඩා ගඟ මිල්ලක්නද ප්‍රදේශයෙන් ද, ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් ද, නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් ද තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව සඳහන්ය. එම ස්ථානවල ජල මට්ටම්ද මේ වනවිට පහත බසිමින් තිබේ.
නිල්වලා ගඟේ ජල මට්ටම පනාදුගම ප්‍රදේශයෙන් අවදානම් මට්ටමක පැවතියද එම ජල මට්ටමද පහත බසිමින් පවතින බව වාරිමාර්‌ග දෙපාර්‌තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
















