කිරින්ද පොලිස් වසමේ කිරින්ද වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටි 16 හැවිරිදි ළමයෙකු තංගල්ල කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (26) පස්වරුවේ නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
එම අවස්ථාවේ කිරින්ද වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් වන විදුරංග, රංගන, සමීර සහ නිම්සර යන නිලධාරීන් විසින් දිය වැළට හසුව ගසාගෙන යමින් සිටි ළමයා නිරීක්ෂණය කර වහාම ක්‍රියාත්මක වී මෙම බේරාගැනීම සිදුකර ඇත.
දිය අනතුරට මුහුණදී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ළමයෙකු වන අතර, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම හේතුවෙන් ඔහු නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී තිබේ.
















