නිට්ටඹුව පොලිස් වසමේ රංපොකුණුගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 116 මිලිග්‍රෑම් 370ක් සමඟ සැකකරුවෙකු ඊයේ (26) උදෑසන අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි.
නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත රංපොකුණුගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබූ බව කියන අයිස් මත්ද්‍රව්‍ය තොගයද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි. මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සහ සැකකරුගේ ක්‍රියාකාරකම් පිළිබඳ නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදුකරයි.
















