2026 අධ්‍යයන වර්ෂය සඳහා වන රුසියානු රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික සිසුන් 100කට වැඩි පිරිසක් රුසියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා තෝරාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසනවා. මීට පෙර පැවති ශිෂ්‍යත්ව කෝටාව 53 සිට 100 දක්වා ඉහළ යෑම දෙරට අතර වර්ධනය වන අධ්‍යාපනික සහයෝගීතාව පිළිඹිබු කරන කඩඉමක් වන අතර, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ආර්ථික විද්‍යාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසකින් වෘත්තීය පාඨමාලාවල සිට ආචාර්ය උපාධි (PhD) දක්වා වූ අධ්‍යයන මට්ටම් සඳහා මෙම අවස්ථා හිමිව තිබේ.
















