ඌව පළාතේ ලේඛකයින් හා ළමා කතන්දර නිර්මාණ ඇගයීමේ “ලේඛකාභිමානී” වැඩසටහන බදුල්ල පුරහලේදී අද (28) දින පෙරවරුවේ පැවැත්වුණා. දරුවන්ට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීමටත්, ඔවුන්ගේ ලිවීමේ හැකියාවන් වර්ධනය කරමින් උසස් ලේඛන කලාවෙන් හෙබි ලේඛක ලේඛිකාවන් පිරිසක් බිහි කිරීමටත් මෙමඟින් අපේක්ෂා කරන අතර, මේ සඳහා බදුල්ල සහ මොණරාගල පාසල් 95 කින් පාසල් දරුවන් 595ක් සහභාගී වී තිබෙනවා. මෙහිදී ළමා කතන්දර තරගයෙන් බදුල්ල ඌව මහ විද්‍යාලයේ ඩී.එම්. වෙතුමි කිත්සුක දිසානායක දරුවා රචිත “වලං පුංචා” කෙටිකතාව ප්‍රථම ස්ථානය දිනාගත් අතර, ජයග්‍රාහී දරුවන්ගේ කතන්දර ග්රන්ථ ලෙස මුද්‍රණය කර දීමටත් පළාතේ ලේඛකයින් 59 දෙනකුගෙන් තෝරාගත් ග්රන්ථ 48ක් සංස්කෘතික අමාත්‍යාංශය මඟින් මිලදී ගැනීමටත් කටයුතු කර තිබේ.















