දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම් පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ 2026 සැප්තැම්බර් 28 දිනට අදාළ දෛනික වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබේ.
2025 ඔක්තෝබර් 30 වනදා සිට ක්‍රියාත්මක මෙම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම සහ ඒ සඳහා ප්‍රජාව බලගැන්වීම ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කෙරේ.
පොලිස් වාර්තාවට අනුව සැප්තැම්බර් 28 වනදා සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා, ගංජා පැල, කුෂ්, හෂීෂ්, මත්පෙති, මෙතම්ෆෙටමින් සහ මාවා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් සිදුකර තිබේ.
එදින සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 804 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කළ සැකකරුවන් 05 දෙනෙකු සම්බන්ධයෙන්ද කටයුතු කර තිබේ.
මීට අමතරව සැකකරුවන් 09 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති අතර, සමස්ත වැටලීම් 804ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.














