ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මහවැලි ගඟ, කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය, නිල්වලා ගඟ සහ ගිං ගඟ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් මෙලෙස ඉවත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අදාළ ගංගා ද්‍රෝණිවල ජල මට්ටම් මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, දිවයින පුරා පවතින වර්ෂාපතන තත්ත්වය සහ ගංගාවල ජල මට්ටම්වල වෙනස්කම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත්, නැවත ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
















