දිවයින පුරා පාසල් 3,700ක් කේන්ද්‍ර කරගනිමින් අධිවේගී ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල පහසුකම් ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
එම වැඩපිළිවෙළ යටතේ මේ වනවිට පාසල් 2,200ක් සඳහා අධිවේගී අන්තර්ජාල සබඳතා සාර්ථකව ලබාදී අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉතිරි පාසල් 1,564 සඳහාද ෆයිබර් අන්තර්ජාල පහසුකම් ලබාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය හරහා මෙරට පාසල් පද්ධතියේ ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
















