ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අද (29) පෙරවරු 10.30ට නිකුත් කළ මෙම නිවේදනය පස්වරු 11.30 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව, අදාළ ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළංද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.














