ජනාධිපති සමාව අවලංගු කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර ඇති සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කළ මෝසමක් අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේදී ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව නීතියට පටහැණි බව තීන්දු කර එය අවලංගු කර තිබුණා.
ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව අභියාචනාධිකරණය විසින් වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබූ අතර, ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව එම දඬුවමෙන් නිදහස් වී තිබුණා.
මේ අතර, ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයකට අදාළ තවත් නඩුවකදී කොළඹ මහාධිකරණය විසින් මේ වසරේ ජුනි මාසයේදී නියමිත මාස නවයක සිරදඬුවමද තහවුරු කර තිබෙනවා.














