ශ්‍රී ලංකා රුපියල අද (29) ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර, වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රුපියල් 335 සීමාව ඉක්මවා තිබෙනවා.
Seylan බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.25ක් සහ විකුණුම් මිල රුපියල් 335.50ක් ලෙස සටහන් වී තිබෙනවා.
NDB බැංකුවේ ගැනුම් මිල රුපියල් 326.50 දක්වාත්, විකුණුම් මිල රුපියල් 335.50 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 327.17ක් වන අතර විකුණුම් මිල රුපියල් 335.28ක් ලෙස සටහන් වී තිබෙනවා.
කොමර්ෂල් බැංකුවේ ගැනුම් මිල රුපියල් 325.09ක් සහ විකුණුම් මිල රුපියල් 335ක් වන අතර, සම්පත් බැංකුවේ ගැනුම් මිල රුපියල් 327ක් සහ විකුණුම් මිල රුපියල් 335ක් ලෙස දැක්වෙනවා.















