ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් අද (29) මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කර ඇත්තේ ගම්මන්පිල මහතාට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නොහැකි වී ඇති බවයි.
ඒ අනුව විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් මහතාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් භාවිත කර අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21ක මුදලක් සාපරාධී විශ්වාසය කඩ කර ලබාගත් බවට චෝදනා කරමින් ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.















