නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා යොදාගන්නා ගෝඩා ලීටර් 1,776ක් (බැරල් 10ක්) සමඟ සැකකරුවෙකු පබේමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026.09.28 දින සවස පබේමුල්ල පොලිස් වසමේ දොරණගොඩ ප්‍රදේශයේදී ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 48ක් වන පබේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පබේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















