මාදම්පේ පොලිස් වසමේ කුලියාපිටිය – මාදම්පේ මාර්ගයේ කරුක්කුවටවන ප්රදේශයේදී ඊයේ (28) උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කුලියාපිටිය දෙස සිට මාදම්පේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අනතුරින් යතුරුපැදියේ ගමන් කළ රියදුරු, ඔහුගේ මව සහ සහෝදරයා තුවාල ලබා ගල්මු||||rerුව රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්රතිකාර සඳහා හලාවත රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
ප්රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිය පැදවූ 23 හැවිරිදි තරුණයා සහ ඔහු සමඟ ගමන් කළ 12 හැවිරිදි පිරිමි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය දෙදෙනා දුම්මලසූරිය ප්රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
















