කොළඹ වරාය පරිශ්‍රයේ ඇති සැකකටයුතු බහාලුමක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ලද තොරතුරකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර, අදාළ බහාලුම පරීක්ෂා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.
අපනයනය සඳහා සූදානම් කර ඇති බහාලුමක් සම්බන්ධයෙන් මෙලෙස කරුණු වාර්තා වී ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
රේගු ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, එම බහාලුම පරීක්ෂා කිරීම සඳහා පොලිසියට අවසර ලබාදෙන ලෙස අධිකරණය දැනුම්දී ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදී අදාළ බහාලුම පරීක්ෂා කිරීම සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර ලබාදීමට නියමිත බවද රේගු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
















