උඩවලව – තණමල්විල මාර්ගයේ වලවේගමට හැරෙන මංසන්ධියේදී ඊයේ (28) දහවල් සිදුවූ රිය අනතුරකින් 66 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වලවේගම දෙස සිට උඩවලව – තණමල්විල ප්‍රධාන මාර්ගයට පැමිණ උඩවලව දෙසට හැරවීමට යාමේදී, එම දිශාවට ධාවනය වූ ලොරි රථයක යතුරුපැදිය ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු උඩවලව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකාරිය සහ මාස 06ක කුඩා දැරියක්ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ උඩවලව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳව සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















