හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
ඒ, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන පුද්ගලයින්ගේ අතුරුදන්වීම සම්බන්ධ නඩු විභාගයට මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබාදීම සඳහායි.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සැප්තැම්බර් 29 වැනිදා මාර්ගගත ක්‍රමයට සාක්ෂි ලබාදෙන ලෙස මීට පෙර නියෝග කර තිබුණා.
2011 වසරේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙම නඩුව ක්‍රියාත්මක වන අතර, එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කර තිබුණා.
















