සමාජ මාධ්ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශය දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී. ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්ය ඔස්සේ මුදල් ඉපයීමේ ක්රමවේද ක්රියාත්මක වීමත් සමඟ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට එක් කිරීමේ ප්රවණතාව ඉහළ ගොස් ඇති බව එම අමාත්යාංශය පෙන්වා දෙයි.
දරුවන්ගේ දක්ෂතා සහ සුරතල් ක්රියාකාරකම් ප්රදර්ශනය කිරීමේ මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන එම ඡායාරූප හා වීඩියෝ වාණිජ අරමුණු සඳහා යොදාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇත. දරුවන්ගේ දෛනික ජීවන රටාව ඇතුළත් වීඩියෝ සහ ‘Vlog’ සටහන් සමාජ මාධ්ය වෙත එක් කිරීම හරහා ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්විය හැකි බවත්, අන්තර්ජාලයට එක්කරන දරුවන්ගේ දර්ශන උපයෝගී කර ගනිමින් කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය ඔස්සේ අසභ්ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක් පවතින බවත් අමාත්යාංශය දැඩි ලෙස අනතුරු අඟවයි. එබැවින් දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය තහවුරු කිරීම සඳහා සමාජ මාධ්ය භාවිත කිරීමේදී වඩාත් විමසිලිමත්ව සහ වගකීමෙන් කටයුතු කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
















