සිය නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් රජයේ ඉඩමක් පෞද්ගලික පාර්ශ්වයක් සතු ඉඩමක් ලෙස පෙන්වා රජයට පාඩුවක් සිදු කිරීමට කටයුතු කළ බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු විමර්ශන කොමසාරිස් මලේ පතිරනගේ නිශාන්ත මෝහන් වික්‍රමසිංහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළේය.
මෙහිදී සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත. බොරැල්ල එලියට් පාර පිහිටි රුපියල් බිලියන 1.5කට අධික (රු. 1,586,000,000) වෙළඳපල වටිනාකමකින් යුත් හෙක්ටයාර් 1.0982ක රජයේ ඉඩමක් ව්‍යාජ විමර්ශන වාර්තාවක් මඟින් පෞද්ගලික ඉඩමක් ලෙස හැඳින්වීම මඟින් රජයට පාඩුවක් සිදු කිරීමට සැකකරු උත්සාහ කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දී තිබේ.
















