වාද්දූව තල්පිටිය ගාලුපාරේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාද්දූව පොලිසිය පවසයි. එක් මෝටර් රථයක රියැදුරු සහ අනෙක් මෝටර් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කළ වෛද්‍යවරයෙකු මෙලෙස තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරත් සමඟ ගාලුපාරේ දැඩි වාහන තදබදයක් ඇතිවූ අතර, වාද්දූව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වී එම තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නා ලදී. අනතුරට හේතුව මෙතෙක් අනාවරී වී නැති අතර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















