මඩකළපුව දිස්ත්‍රික්කයේ පවතින ගැටලු පිටුපස ඇතැම් පාර්ශ්ව ජාතිවාදී පදනමින් ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කර තිබෙනවා.
මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් රජය යටතේ කිසිදු හේතුවක් මත ජාතිවාදී ගැටුම්වලට ඉඩ නොදෙන බවයි.
විශේෂයෙන් මයිලත්තමඩු–මඩුවම් ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ තණබිම් ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී ඇති අතර, අදාළ ප්‍රදේශය නිශ්චිත තණබිම් ප්‍රදේශයක් ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
කිරි ගොවීන්ගේ තණබිම් අයිතිය තහවුරු කිරීමටත්, අනෙක් පාර්ශ්ව සඳහා මහවැලි ප්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබාදීමටත් කටයුතු කරන බව ඔහු පවසා තිබෙනවා.
එමෙන්ම මඩකළපුව දිස්ත්‍රික්කයේ සිදුවන නීති විරෝධී වැලි, පස් සහ බොරලු කැණීම් මැඩලීමටත්, වන සංරක්ෂණ නිලධාරීන් මුහුණ දෙන සම්පත් හා ප්‍රවාහන ගැටලු විසඳීමටත් කඩිනම් පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
















