මොරොක්කෝ දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, එරට රජු හයවන මොහොමඩ් විසින් ෆාතිමා එස්සාහ්රා එල් මන්සූරි නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව මොරොක්කෝ ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ පළමු කාන්තාව බවට 50 හැවිරිදි එල් මන්සූරි පත්වනවා. ඇය මීට පෙර මාරකේෂ් නගරාධිපතිවරිය ලෙසත්, නාගරික සැලසුම් හා නිවාස අමාත්‍යවරිය ලෙසත් කටයුතු කර තිබෙනවා.
සැප්තැම්බර් 23 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එල් මන්සූරි නියෝජනය කරන Authenticity and Modernity Party (PAM) පක්ෂය ආසන 395කින් 97ක් දිනාගෙන වැඩිම ආසන සංඛ්‍යාව හිමිකරගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 198ක බහුතරය PAM පක්ෂයට හිමිව නොමැති බැවින්, අනෙකුත් පක්ෂ සමඟ සන්ධාන ගොඩනැගීම එල් මන්සූරිගේ ප්‍රධාන ඉදිරි කාර්යයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
















