ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසුගිය ඉරිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත ගොස් එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහ්යාන් හමුවූ බව එමීර් රාජ්‍යය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
එම හමුවේදී UAE සහ ඊශ්‍රායලය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර සංවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළ බව එමීර් රාජ්‍යයේ නිල WAM පුවත් ඒජන්සිය සඳහන් කර තිබෙනවා.
නෙතන්යාහුගේ මෙම සංචාරය සිදුව ඇත්තේ 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයට පෙර UAE ජනාධිපතිවරයා විසින් තමන්ට අනතුරු ඇඟවූ බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් මතභේදයක් පවතින පසුබිමකයි. එම වාර්තාව නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇති අතර, UAE පාර්ශ්වයද එම අනතුරු ඇඟවීම සම්බන්ධ වාර්තාව තහවුරු කර නොමැත.
2020 වසරේදී එක්සත් ජනපද මැදිහත්වීමෙන් අත්සන් කළ Abraham Accords ගිවිසුමෙන් අනතුරුව UAE සහ ඊශ්‍රායලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වී ඇති අතර, දෙරට අතර සබඳතා තවදුරටත් පවත්වාගෙන යමින් තිබෙනවා.
















