ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ‘KNOW BJP’ වැඩසටහන යටතේ නිල සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස, BJP ජාතික මහලේකම් (සංවිධානය) බී. එල්. සන්තෝෂ් මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවී තිබෙනවා.
නවදිල්ලියේ BJP මූලස්ථානයේදී පැවති මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ සංවිධානාත්මක අත්දැකීම් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
BJP ආරාධනයකට අනුව සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 1 දක්වා මෙම සංචාරය සිදුකෙරෙන අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, BJP ජාතික සභාපති නිතින් නබීන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවීමටද නියමිත බව සඳහන්.
BJP විදේශ කටයුතු අංශය සඳහන් කර ඇත්තේ මෙම සංචාරයේ අරමුණ JVP-BJP සබඳතා ශක්තිමත් කිරීම, සංවිධානාත්මක අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ දෙපාර්ශ්වය අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම බවයි.
















