අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සැප්තැම්බර් 29 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඓතිහාසික පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවති “විෂන්” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනේ කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට එක්ව තිබෙනවා.
එහිදී අග්‍රාමාත්‍යවරිය පාසල් සිසුන් සමඟ සෘජුව අදහස් හුවමාරු කරගෙන ඇති අතර, විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිසුන් ඉදිරිපත් කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදී තිබෙනවා.
















