ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වී තිබෙනවා.
වයි හුවාෂියැන්ග් මහතා මෙරට චීන තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය බව සඳහන්.
මෙහිදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් චීන රජය ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කර තිබෙනවා.
එමෙන්ම චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකරන ලද පොළොන්නරුව ජාතික වෘක්කවේදී විශේෂිත රෝහලේ පසුගියදා සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.
















