ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති විද්‍යාලය සියලු සෞන්දර්ය විෂයයන් සහිත විශේෂිත සෞන්දර්ය පාසලක් ලෙස සැප්තැම්බර් 29 වැනිදා විවෘත කර තිබෙනවා.
එම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ දක්ෂ කලාකරුවන් මෙන්ම රෝගියාගේ වේදනාව හඳුනන වෛද්‍යවරුන් සහ මිනිසුන් පිළිබඳ හැඟීමක් ඇති ඉංජිනේරුවන් බිහිකිරීම සඳහා සෞන්දර්ය අධ්‍යාපනය වැදගත් වන බවයි.
අධ්‍යාපනය යනු විභාග සමත්වීම හෝ සහතික පත්‍ර ලබාගැනීම පමණක් නොවන බවත්, සමාජය තේරුම්ගෙන යහපත් වෙනසක් ඇති කළ හැකි සංවේදී හා වගකීම්සහගත පුරවැසියන් බිහිකිරීම එහි අරමුණක් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
සෞන්දර්ය අධ්‍යාපනය හරහා නිර්මාණශීලීත්වය මෙන්ම අනෙකාගේ වේදනාව හඳුනාගැනීම සහ විවිධත්වයට ගරු කිරීම වැනි මානවීය ගුණාංගද වර්ධනය වන බව ඇය පෙන්වා දුන්නා.
එමෙන්ම ඩිජිටල් කලාව, නව මාධ්‍ය, චිත්‍රපට, සංගීත තාක්ෂණය සහ නිර්මාණශීලී කර්මාන්ත වැනි නව ක්ෂේත්‍ර හරහා ලෝකයේ ඇති ආර්ථික හා වෘත්තීය අවස්ථාවන්ට මෙරට දරුවන් සූදානම් කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා.
ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඊට අදාළ වසර 13ක විෂයමාලා රාමුව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සංකල්ප පත්‍රිකාව සහ ශිෂ්‍ය ඇගයීම් රාමුව සඳහා සැප්තැම්බර් 28 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවූ බවත් ඇය සඳහන් කළා.
















