2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 7 වැනිදා සිදු කිරීමට නියමිතයි.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වා පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා පැවැත්වීමට නියමිත අතර, අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.
දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට 60%ක සහ විපක්ෂයට 40%ක කාලයක් වෙන් කිරීමටත්, කාරක සභා අවස්ථාවේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට 40%ක සහ විපක්ෂයට 60%ක කාලයක් වෙන් කිරීමටත් තීරණය කර තිබෙනවා.
















