අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය අසලදී නීතිඥ බුද්ධික ගයාන් මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ එලොව යැවීමේ සිද්ධියට අදාළව ග්‍රාම නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩික්කරුට ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කරදීම සම්බන්ධයෙන් අත්තනගල්ල මීවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව, යටියන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්.
විමර්ශනවලදී ව්‍යාජ ඡායාරූපයක් යොදාගෙන “රූබන් සුරේෂ්” නමින් ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා කූට ලේඛන සකස් කරදීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















