දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (30) යළි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.
අදාළ නඩුකරය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවා තිබෙන අතර, ඊයේ (29) එම එයාර්බස් නඩුවට අදාළව ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.
















