බදුල්ල දිස්ත්‍රික්කයේ අලගොල්ල වතුයායේ නායයෑම් අධි අවදානම් කලාපයක වසර 13කට වැඩි කාලයක් ජීවත් වූ පවුල් 51ක් සඳහා නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තබා තිබෙනවා.
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ අරමුණ මලයගම් ප්‍රජාවට සුරක්ෂිත හා ගෞරවනීය නිවාස පහසුකම් ලබාදීමයි.
එක් නිවසක් සඳහා ඉන්දීය රජය රුපියල් ලක්ෂ 28ක මුදලක් ලබාදෙන අතර, ශ්‍රී ලංකා රජය එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 4ක ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතියට අදාළ මුල්ගල් තැබීමේ අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.
















