ඩුබායි සිට ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයක් නියමුවන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් හදිසියේ සෞදි අරාබියට හරවා යවා ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.
ගුවන් යානය තුළ නියමුවන් අතර ප්‍රචණ්ඩ සිදුවීමක් සිදුව ඇති අතර, ගුවන් ගමන් නිරීක්ෂණ දත්ත අනුව යානය අඩි 34,000ක උසක සිට විනාඩි දෙකක් තුළ අඩි 16,600ක් දක්වා පහළ බැසීමෙන් අනතුරුව හදිසි සංඥාවක් නිකුත් කර තිබේ. මෙය ගුවන් යානා පැහැරගැනීමක් නොවන බවත් සේවකයින් අතර සිදුවූ අභ්‍යන්තර සිදුවීමක් බවත් ඊශ්‍රායල බලධාරීන් සඳහන් කර ඇති අතර, සිද්ධියත් සමඟ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ආරක්ෂක සාකච්ඡාවක්ද පවත්වා ඇත.
















