ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT Mobitel එක්ව සංවිධාන කරන **Sri Lanka AI Week 2026** ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණයේ දෙවන දිනය අද (30) පැවැත්වෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල්හිදී පැවැත්වෙන එහි දෙවන දින වැඩසටහන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග වීරරත්න සහ චතුරංග අබේසිංහ මෙන්ම SLT සමූහයේ සභාපති ආචාර්ය මෝතිලාල් ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ශ්‍රී ලංකාව තුළ කෘත්‍රිම බුද්ධි භාවිතය, නවෝත්පාදන සහ ආයෝජන වේගවත් කිරීම සඳහා ගෝලීය AI ක්ෂේත්රයේ නායකයන් එක්රැස් කරමින් රටේ ප්‍රමුඛතම AI වේදිකාවක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණක් වනවා.















