උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය තවදුරටත් සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට අදාළ ගිවිසුමකට ජපන් තානාපති කාර්යාල පරිශ්‍රයේදී අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමටා මහතා සහ ස්කවිටා මානුෂීය ආධාර සහ සහන ව්‍යාපෘතියේ වැඩසටහන් කළමනාකරු සරත් ජයවර්ධන මහතා එම ගිවිසුමට අත්සන් කර තිබෙනවා.
නව ව්‍යාපෘතිය යටතේ වර්ග මීටර් එක්ලක්ෂ අනූදහසකට අධික භූමි ප්‍රමාණයක් බිම්බෝම්බවලින් තොර කලාපයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරෙනවා.
එමගින් පුද්ගලයින් 7,000කට අධික පිරිසකට සිය ඉඩම් වෙත යළි පැමිණීමටත්, එම ප්‍රදේශවල ජීවත්වන 11,500කට අධික පිරිසකට සිය ආර්ථික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් අවස්ථාව සැලසෙන බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන රජය ඇමෙරිකානු ඩොලර් 447,432ක මුදලක් ලබාදී ඇති අතර, එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 148ක් වනවා.















