ශ්‍රී ලංකා රේගුවේ **කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Process)** හෙට (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයින් විසින් රේගු ප්‍රකාශන (CusDecs) සහ අනෙකුත් අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සනක් සහිතව ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.
පැරණි ක්‍රමයට ඉදිරිපත් කරන රේගු ප්‍රකාශන තවදුරටත් භාර නොගැනීමටද කටයුතු කර තිබෙනවා.
නව ඩිජිටල් ක්‍රමවේදය හරහා රේගු නිෂ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට හැකි වන අතර, ඩිජිටල් අත්සනින් පසු සිදුකරන වෙනස්කම් හඳුනාගැනීම හේතුවෙන් වංචා හා දූෂණ සඳහා ඇති අවස්ථා අවම කිරීමටද හැකි වන බව සඳහන්.
මෙම ක්‍රමවේදය හඳුන්වාදීමේ සමාරම්භක අවස්ථාව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ සහභාගීත්වයෙන් හෙට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.















