හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති නඩුව නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නොවැම්බර් 11 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
නඩුව අද (30) කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්රමසිංහ සහ සමන් ඒකනායක යන මහත්වරුන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියා.
















