Tata Groupහි මව් සමාගම වන Tata Sonsහි අනාගත ව්‍යුහය සම්බන්ධයෙන් නව ගැටුමක් මතුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
Tata Trusts විසින් Tata Sons සමාගම Tata Electronics Systems Solutions සහ Tata Consulting Engineers සමග ඒකාබද්ධ කිරීමට යෝජනා කර ඇති අතර, එමගින් ඉන්දීය මහ බැංකුව (RBI) විසින් පනවා ඇති මහජන ලැයිස්තුගත කිරීමේ අවශ්‍යතාවයෙන් මිදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන්.
මේ අතර Tata Sons අධ්යක්ෂ මණ්ඩලය විසින් N. Chandrasekaranගේ සභාපති ධුර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරීමටත්, RBIහි ලැයිස්තුගත කිරීමේ අවශ්‍යතාවට අනුකූලව කටයුතු කිරීමටත් සහාය පළ කර ඇති බව වාර්තා වනවා.
Tata Sonsහි හිමිකාරීත්වය, පාලන ව්‍යුහය සහ Tata Trusts හා සමූහයේ මෙහෙයුම් සමාගම් අතර සම්බන්ධතාව සම්බන්ධයෙන්ද මෙම තත්ත්වය අවධානයට ලක්ව තිබෙනවා.
ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පිළිබඳ වාර්තා පළවීමෙන් පසු Tata Motors, Tata Chemicals සහ Tata Investment ඇතුළු Tata Group සමාගම් කිහිපයක කොටස් මිලටද බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙහි ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ RBI නියාමන රාමුව යටතේ Tata Sons මහජන ලැයිස්තුගත කිරීමකට යා යුතුද යන්න සම්බන්ධයෙන් වන අතර, මෙම තීරණය Tata Groupහි ආයතනික පාලනය සහ අනාගත ව්‍යුහය කෙරෙහිද බලපෑම් කළ හැකි බව සඳහන්.
















